කොරියානු භාෂාව

 

කොරියානු භාෂාව

 한국 

කොරියානු භාෂාව උතුරු හා දකුණු කොරියානු ජාතිකයන් විසින් භාවිතා කරන පොදු භාෂාවයි. කොරියානු යුද්ධයත් සමග දෙරටක් බවට පත් වූ අතර දෙරට තුළ මහජනතාව විසින් භාවිතා කරන මෙම භාෂාවේ සමාජ- සංස්කෘතිකමය බලපෑම් මූලික කරගත් භාෂාමය වෙනස්කම් දැකිය හැකි වෙයි. නමුත් සමස්ථයක් වශයෙන් ගත්කල උතුරු කොරියාවත් දකුණු කොරියාවත් සමාජයක් ලෙස භාවිතාකරන මෙම කොරියානු භාෂාව වාග්විද්‍යාත්මක සමානත්වයක් පෙන්වා දෙයි.

කොරියාව කොරියානු බසින් ‘තේහන්මින්ගුක්’ යනුවෙන් හදුන්වන අතර රටේ නම කෙටිකර ‘හන්ගුක්’ යනුවෙන් ද හදුන්වනු ලැබේ. කොරියාවේ භාවිතා කරන භාෂාව ‘කොරියානු භාෂාව’ යන අර්ථය ඇති ‘හන්ගුක්ඕ’ ‘හන්ගුක්මල්’යනුවෙන් හදුන්වනු ලැබේ. ඕ - මල් යනු පද ‘භාෂාව’ යන අර්ථය ගෙන දෙයි. කොරියානු භාෂාවේ අක්ෂර මාලාව ‘හන්ගල්’ අක්ෂර මාලාවයි. මෙහි අක්ෂර (ස්වර හා ව්‍යඤ්ජනාක්ෂර ඇතුලත්ව) 40 ක් ඇත. 

කොරියානු හෝඩිය හන්ගල් නම්න් හැදින් වේ. කොරියානු හෝඩිය 1418 – 1450 දක්වා  රජ කල සේජොංරජතුමාගේ නායකත්වයෙන් යුත් විද්වත් මංඩලයන් මගින් 15 වන සියවසේ බිහි විය.

ලෝකයේ පවතින භාෂාවන් අතර කොරියානු භාෂාවට සුවිශේෂි වු ස්ථානයක් හිමිව ඇත. කොරියානු හෝඩිය හන්ගල් යනුවෙන් හදුන්වන ලබන අතර එය අක්ෂර 40 කින් සමන්විත වෙ. කොරියානු භාෂාව නිර්මාණය කිරිමේ ගරුත්වය ක්‍රි.ව.1418-1450 දක්වා වු සමය තුල රාජ්‍ය පාලනය කළ 
සෙජෝං නම් රජතුමාට හිමිව අත. ඔහු විසින් බිහිකළ මෙම භාෂාව අද ලෝකයේ බොහෝ රටවල ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවති. අද අපටද එය ඉගෙනීමේ අවශ්‍යතාවය උද්ගත වී ඇත. මෙම භාෂාව ලොවට දායාද කළ  සෙජෝං  රජතුමාට අපගේ ගරුත්වය හා ප්‍රණාමය පුද කළ යුතුව ඇත.

දකුණු කොරියාවේ රැකියා අපේක්ෂකයෙකු  කොරියන් භාෂාව (한국  ) අනිවාර්යෙන් ඉගෙන ගත යුතුය.   කොරියානු රැකියා අපේක්ෂා කරන්නෙකු කොරියානු මානව සම්පත් සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලබන රැකියා ගිවිසුම් ක්‍රමයට අදාළ කොරියානු භාෂා පරීක්ෂණය E.P.S - K.L.T අනිවාර්යෙන්ම සමත් විය යුතුය.

 


Comments