කොරියානු අක්ෂර මාලාව


 කොරියානු අක්ෂර මාලාව.

කොරියානු භාෂාව හන්ගුක් මල් ලෙස හදුන්වයි. ඒ වගේම කොරියානු හෝඩිය හන්ගල් ලෙස හදුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් කොරියානු භාෂාවේ අකුරු 40කි. එය මුලීක වශයෙන් කොටස් 2 කින් යුක්ත වන අතර ඒවා හන්ගල් යනුවෙන් හදුන්වයි.

·         ස්වර 21
·         ව්‍යංජන 19
ස්වර


කොරියානු භාෂාව තුළ ස්වර කොටස් දෙකකි ඒවානම් :-

·         මුලීක ස්වර 10
·         සංයුක්ත ස්වර 11



හන්ගල් හෝඩිය (한글)


දැන් අපි මෙහි තිබෙන ස්වර හදුනා ගනිමු.
ස්වර ලියනු ලබන්නේ ඉහල සිට පහළටත් වමේ සිට දකුණටත් වන අතර ස්වරයක් තනිවම උච්චාරණය කල නොහැක. ඒ සදහා "ㅇ" යොදාගනු ලැබේ. එම "ㅇ" එකතු  කිරීමේදී ස්වරය සිරස් අතට ලියන ලද්දක් නම් එම ස්වරයේ ඉදිරියටද තිරස් අතට ලියන ලද්දක් නම් එම ස්වරයේ ඉහලින් අදාල "ㅇ" යොදනු ලැබේ.

මුලික ස්වර
아    - ආ
 야    - යා
어    - ඔ
   여    - යො 
오    - ඕ
   요    - යෝ
우    - උ
유    - යු
       으    -  අ        
   이     - ඉ



Comments