හල් අකුරු


 

받침-(පත්චිම්) - හල් අකුරු
හල් අක්ෂර කොරියානු භාෂාවෙන් හදුන්වන්නේ පත්චිම් ලෙසය. ව්‍යංජන වල යටින් ලියනවිට හල් අක්ෂර වේ.

එනම් පහත උදාහරණය බලන්න,
산 - සන් - කන්ද
මෙහිදී 사 ( ස ) උඩින් ඇති අකුර ව්‍යංජනයක් වන අතර සැම විටම ㄴ ( න් ) යටින් ඇති අකුර හල් අකුරක් වේ. මෙහිදී මෙම කොරියන් භාෂාවේ සෑම වචනයක්ම ලියන විට හල් අක්ෂරය ම ව්‍යංජනයට යටින් ලියනු ලබයි. මෙම කොරියානු වචන කියවනු ලබන්නේ මුලින් ව්‍යංජනයද පසුව හල් අකුරද පිලිවෙලින් ය.

උදාහරණ-: 

강 = (කන්) - ගඟ
벽 = (ප්යෝක්)- බිත්තිය / තාප්පය
박 = (පක්) - පිටත

ඇතැම් වචනවල පත්චිමයක් යෙදී ඇත්නම් එම 
පත්චිමය ස්වරයක් හා එකතු වී උච්චාරණය වේ.

일일 ( ඉල්ඉල් ) මෙහිදී  ㄹ ( ල් ) හල් අකුර ඊට පිටුපස ඇති   이 ( ඉ ) සමඟ එකතු වී   리 ( රි ) අකුර සැදේ. ඉන්පසුව 이릴 යන වචනය සෑදේ.

일일  -  이릴 = ( ඉරිල් ) - පළමුවෙනිදා

ඇතැම් වචනයක එකවිට පත්චිම් 2ක් යෙදී ඇත්නම් හා ඊට ඉදිරියෙන් ඇත්තේ ස්වරයක් නම් එම ස්වරය ඊට ආසන්නයේම ඇති පත්චිමය සමඟ එකතු වී උච්චාරණය වේ.

달기 = ( තර්ගි ) - කුකුළා

එසේම වචනයක පත්චිම් 2ක් යෙදී ඇත්නම් එවිට එයින් එක් පත්චිමයක් උච්චාරණය වේ.

강- ( කන් ) - ගඟ
산- ( සන් ) - කන්ද
물- ( මුල් ) - වතුර
불- ( පුල් ) - ගින්දර
일- ( ඉල් ) - වැඩට / එක / දවස
년- ( න්යෝන් ) - වර්ෂය / අවුරුද්ද
달- ( තල් ) - මාසය / හඳ
길- ( කිල් ) - පාර
කොරියානු භාෂාවේ ඇති ව්‍යංජන 19 අතුරින්  ㄸ, ㅃ, ㅉයන ද්ව්ත්ව ව්‍යංජන කිසිවිටක හල් අකුරු ලෙස භාවිතා නොකරයි. ㄲ, ㅆ යන ද්ව්ත්ව ව්‍යංජන හල් කිරීම් ලෙස භාවිතා වෙන නමුත් ඒවා සියල්ල උච්චාරණය ශබ්ද 7කින් පමණි.
හල් කිරීම
ශබ්දය
ㄱ,ㅋ,ㄲ
ක්
ㄴ
න්
ㄷ,ㅅ,ㅆ,ㅈ,ㅊㅌ,ㅎ
ත්
ㄹ
ල්
ㅁ
ම්
ㅂ,ㅍ
ප්
ㅇ
o

















Comments