කොරියන් ගණිත ක්‍රම හා ඒකක ක්‍රම


 

කොරියන් ගණිත ක්‍රම හා ඒකක ක්‍රම.


korean-numbers-flashcards-cover-english
කොරියානුවන් ගනම් ක්‍රම 2ක් භාව්තා කරයි.
·        චීන ගණන් ක්‍රමය

චීන ගණන් සහ ඒකක ක්‍රමය චීන අක්ෂර මෙන්ම බොහෝ කාලයක සිට කොරියාවේදී භාවිතා කරන ලදී. දිනය, මාසය, සහ අවුරුද්ද දැක්වීම සදහාත් දුරකථන අංක, මාර්ග අංක, බස් අංක, නිවාස ගොඩනැගිලි, මහල් තට්ටු හැදින්වීමටත්, බර මණින විට kg ප්‍රකාශ කිරීම, වෙලාව දැක්වෙන විට මිනිත්තු ගණනය ප්‍රකාශ කිරීමත්, මුදල් ගණනය සදහාත් චීන ගණන් හා ඒකක ක්‍රම භාවිතාවේ.

0) 영 - යොං
1) 일 - ඉල්
2) 이 - ඊ
3) 삼 - සම්
4) 사 - සා
5) 오 - ඕ
6) 육 - යුක්
7) 칠 - චිල් 
8) 팔 - පල්
9) 구 - කු
10) 십 - සිප්     මෙතැන් සිට 19 දක්වා “සිප්” (දහය) යන්නට,
10 + 1
십 + 일( සංධි වේ )
සිප් + ඉල්
එනම්...
11) 십일 - සිබිල්
12) 십이 - සිබි යනුවෙන්
13) 십삼- සිප් සම්
.
.
.
20) 이십 - ඊසිප්
30) 삼십 - සම්සිප්
40) 사십 - සාසිප්
50) 오십 - ඕසිප්
60) 육십 - යුක් සිප්
70) 칠십 - චිල් සිප්
80) 팔십 - ෆල්සිප්
90) 구십 - කුසිප්
100. 백 - පෙක්
1,000. 천 - චොන්
10,000. 만 - මාන්
100,000. 십만 - සිප්මාන්
1000,000. 백만 - පෙක්මාන්
10000,000. 천만- චොන්මාන්
100000,000. 억- ඔක්
1000000,000. 십억 - සිපොක්

·        කොරියන් ගණන් ක්‍රමය

යම් යම් ද්‍රව්‍ය, පුද්ගලයන් ගණනය කිරීමේදී හෝ කාලය ගණනය කිරීමේදී පැය ගණනය කිරීමට කොරියානු ගණන් ක්‍රමය භාවිතා වේ.

0) 공 / 영 - කොං / යොං
1) 하나 / 한 - හනා / හන්
2) 둘 / 두 - තුල් / තූ
3) 셋 / 세 - සෙත් / සේ
4) 넷 / 네 - නෙත් / නේ
5) 다섯 - තසොත්
6) 여섯 - යොසොත්
7) 일곱 - ඉල්ගොප්
8)여덟 - යොදොප්
9) 아홉 - අහොප්
10) 열 - යොල්
11) 열하나- යොල්හනා
20) 스물 / 스무 - සමුල්
30) 서른 - සොරන්
40) 마흔 - මාහන්
50) 쉰 - ස්වින්
60) 예순 - යේසුන්
70) 일흔 - ඉල්හන්
80) 여든 - යොදන්
90) 아흔 - ආහන්
100) 백 - පෙක්

කොරියානු බසින් යම් දෙයක් ගණන් කිරීමේදී  එම
• ද්‍රවයේ නම
• සංඛ්‍යාව
• ද්‍රවයට භාවිතා කරන විශේෂ නම පිලිවෙලින් පැවසිය යුතුවේ.

වයස - 나이 - (살)
වෙලාව -시간 - (시)
කාලය - 시간 - (시간)
මිනිසුන් - 손님 - (명 / 분)
සතුන් - 동물 - (마리)
යන්ත්‍ර - 기게 - (대)
කඩදාසි - 총이 - (장)
කෝප්ප - 잔 - (잔)
බෝතල් - 병 - (병)
පෑන්/පැන්සල් - 연필 - (자루)
සපත්තු - 구두 - (결레)
ඇදුම් - 옷 - (벌)
ගස් - 나무 -(가루)
පැකට් - 답배 -(갑)
දීසි- 밥 - (그릇)
ගෙවල් - 집 (채)
මල් - 꽃 - (송이)
බෝට්ටු - 배 (적)
ගොඩනැගිලි - 아바트 (동)
දේවල් - (개)
පොත් - 첵 (권)

මෙවැනි ගැටළු නිරාකරණය කර පහසුවෙන්ම ලකුනු ලබාගත හැක.

අපි දැන් පොඩි සමීකරණයකට අවධානය යොමු කරමු.
           [[නාම පදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]]
         උදාහරණ ලෙස:-
ඔබ සිතන්න ඔබට පින්තූරයක් ලැබෙනවා ගොඩනැගිලි 6ක් සහිත එය පහත ලෙස
එවිට සමීකරණට අනුව:-

 [[නාමපදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]]
       아바트가 + 여섯 + 동+ 있습니다
       아바트가 여섯 동 있습니다

මිනිසුන් දෙදෙනෙකු යනවා
         [[නාමපදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]]
         사람이 +두 + 명 + 갑니다
         사람이 두 명 갑니다
물  + 한 + 잔 + 주세요.
물 한잔 주세요.
වතුර වීදුරුවක් දෙන්න.    ( ඕවා පාඩම් කරගන්න.   විභාගයට අනිවාර්යන්ම එනවා.)

කොරියානු භාෂාවෙන් වේලාව ඇසීම සහ ප්‍රකාශ කිරීම

·        පැය (시) සි
01:00
1시
 한 시 
02:00
2시
두 시
03:00
3시
세 시
04:00
4시
네 시
    05:00
    5시
다섯 시
    06:00
    6시
여섯 시
    07:00
    7시
일곱 시
    08:00
    8시
여덟 시
    09:00
    9시
아홉 시
    10:00
  10시
  열 시
    11:00
  11시
열한 시
    12:00
  12시
열두 시

·        විනාඩි (분)
00:01
1분
일 분
00:02
2분
이 분
00:03
3분
삼 분
00:04
4분
사 분
00:05
5분
오 분
00:06
6분
육 분
00:07
7분
칠 분
00:08
8분
팔 분
00:09
9분
구 분
00:10
10분
십 분
00:20
20분
이십 분
00:30
30분
삼십 분
00:40
40분
사십 분
00:50
50분
오십 분

දැන් අපි බලමු කොහොමද වෙලාව අහන්නෙ සහ ප්‍රකාශ කරන්නෙ කියලා. මුලින් වේලාව හා සම්බන්ධ  වචන කිහිපයක් අධ්‍යනය කල යුතුය.

1.   일 / 날 - ඉල් / නල් - දිනය
2.   오늘 - ඔනල් - අද
3.   어제 - ඔජේ - ඊයෙ
4.   내일 - නෙඉල් - හෙට
5.   그저께 - කජොක්කෙ - පෙරේදා
6.   모레 - මොරේ - අනිද්දා
7.   년 - න්යොන් - අවුරුද්ද
8.   내년 - නෙන්යොන් - ලබන අවුරුද්ද
9.   내후년 - නෙහුන්යොන් - ලබන වසරට පසු අවුරුද්ද
10.작년 - චක්න්යොන් - ගිය වසර
11.재작년 - චෙජක්න්යොන් - ගිය වසරට පෙර වසර
12.주 - චු - සතිය
13.주말 - චුමල් - සති අන්තය
14.달 / 월 - තල් / වොල් - මාසය
15.지금 - චිගම් - දැන්
16.오전 - ඕජොන් - AM
17.오후 - ඕහු - PM
18.낮 - නත් - දවල්
19.밤 - පම් - රාත්‍රිය
20.아침 - ආචිම් - උදෑසන
21.점심 - චොම්සිම් - දහවල
22.저녁 - චොන්යොක් - සන්ධ්‍යාව
23.몇 - ම්යොත් - කුමන/ කීයද (වේලාව හා සම්බන්ධව භාවිතා කරයි)

වේලාව නැතහොත්  시간   යන්න ප්‍රකාශ  කිරීමකදී 시 යන ඒකකය පැය දැක් වීමටද  분 විනාඩි දැක්වීමටද භාවිතා කරයි (පෙර සදහන් කල පරිදි)

        1989 / 12 / 13  
1989 년  12 월  13 일

         5:30
5시 30분

වෙලාව හා සම්බන්ධ  වාක්‍ය 

දැන් වෙලාව කීයද?
지금은 몇 시예요?

10 යි වෙලාව
10 시예요.

දවල් කෑම කන්නෙ කොයි වෙලාවටද?
몇 시에 점심을 먹어요?.

12: 30 ට කන්නෙ
12시 30분에 먹어요.


• 주중 - සතියේ දවස්

1.   일요일 - ඉරිදා
2.   월요일 - සදුදා
3.   화요일 - අඟහරුවදා
4.   수요일- බදාදා
5.   목요일 - බ්‍රහස්පතින්දා
6.   금요일 - සිකුරාදා
7.   토요일 - සෙනසුරාදා

·        월 -  මාස

1.        일월 - ජනවාරි
2.        이월 - පෙබරවාරි
3.        삼월 - මාර්තු
4.        사월 - අප්‍රේල්
5.        오월- මැයි
6.        육월 - ජුනි
7.        칠월 - ජූලි
8.        발월 - අගෝස්තු
9.        구월 - සැත්තැම්බර්
10.      십월 - ඔක්තෝබර්
11.      십일월 - නොවැම්බර්
12.      십이월 - දෙසැම්බර්

Comments